හොයන්න බලන්න

Wednesday, December 7, 2011

ආදරණීය වික්ටර්


~පාසල් විය සිහි වෙද්දී
"අපේම අපේම අපේ ලොවක්" සොයා ගියෙමි...
~උසස් පෙල අරඹන විට
"දෙවොරම් වෙහෙරේ හිමි වැඩ සිටි සමය" සොයා ගියෙමි...
~එය අවසන් වන විට
"තනිතරැව සොය පාවී ගියෙමි"...
~උසස් අධාපනයට පැමිනියෙමි....
"පෙම්බර මධූ සමග දෛවයේ සරදම් ලැබූයෙමි"....
~දැන් මා රැකියාවකට යාමට සැලමුම් කරමි...
"අපි ඔක්කොම රජවරුය"...
ඒත් වික්ටර් ‍වික්ටර්මය....

ප.ලි...
ආගන්තුකයාගේ සන්කල්පයක් ඇසුරෙනි..

Monday, October 17, 2011

මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු - අසල්වාසියෙකු සොයනුදැනේ


සඳ කැන් වැසිලා - අඳුරේ එතිලා
ගණඳුරු රෑ - තනිකම නෑ
සොයා එන්න ගණඳුර තරු නිවලා
මගේ එළිය අද ඔබ පමණි

ජීවිතයම සතු එකම සුවේ
හී සර පහරක වෙළෙනු පෙනේ
මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
අසල්වාසියෙකු සොයනුදැනේ

මා නැත අන් සතු සිත් බිඳලා
දෑතම බැඳගෙන හිඳිමි බලා
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
රහස් අහස් තලයට පවරා

ගායනය: වික්ටර් රත්නායක
ගේය පද : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : වික්ටර් රත්නායක

Friday, January 28, 2011

තරු කැට, ඔයාට........


ජීව්තයෙ ඇරඹුමට දිරිය දුන් සොදුරියේ
පතා ආ ලෙසින් නුඹ මා වෙතට පිවිසියේ
සැම දිනක සෙනෙහෙබර ඇරඹුමක් කර මෙසේ
දිරි දෙන්න ලඟින් හිඳ අතැර සිත් පේලියේ

නිසරු වූ ලෝකයේ නිසරු බව දැන මෙසේ
ගෙවාගන එකතුකර ගොඩ නගමු අප මෙසේ
ජීවිතය ජය ගන්න මග දෙන්න පෙර ලෙසේ
දරුවන්ට දිරි දෙන්න නොනැසෙන්න ජීවිතේ

ජයක් නැත තරඟයේ නිසරු වූ ජීවිතේ
තරග නැති ජයක් ඇත අප සිටින ජීවිතේ
සොදුරු ලෙස පිය නගමු ජය වෙතට ජීවිතේ
නැන නගමු අදිටනින් වෙන් කර ජීවිතේ

ලෝකයට පවසන්න ජයගන්න විදි ලොවේ
පවසන්න දරුවන්ට ඉවසීම මේ ලොවේ
සොදුරු වූ සසුන් කෙත වපුරන්න මේ ලොවේ
මග කියමු ඔවුන් හට ජය ගන්න හැටි ලොවේ

මුලා වූ දිවිය වෙත නැවත අපි නොයන්නට
හරය මත සිට ගනිමු පොලොවෙ පය ගසන්නට
දිවිය මේ ගෙවන විට නොමග දේ දකින්නට
වෙර ගනිමු තව තවත් ජීවිතය දකින්නට

Saturday, June 19, 2010

උඹ මගේ මිසක් ...................


ඉන්ටර්නෙට් එක හරියට දැක්කෙත් ඉයෙ පෙරේදා පෙර කරුමෙකට කොලඹ එන්ට සිද්ද වෙච්චි හන්ද මිසක් නිදහස් අද්යාපනයට පව් සිද්ද වෙන්න හෙම නෙමේ.මට උඹ හම්බනොවෙන්න උඹට අද ලස්සන ජීවිතයක් තියෙන්න තිබ්බ.උඹ මගේ කරගන්න ඇත්තටම තිබ්බෙ පෙරෙත කමක් නෙමේ.උඹ මගෙ කියල හිත මුලින්ම කියපු දවසෙ ඉදන් අද වෙනකන් මට හිතුනෙ එක දෙයක්.කවද හරි උඹ ලොකු කෙල්ලෙක් වෙනවා.මම ලොකු මිනිහෙක් වෙනව.මට ඕනි උඹව මගේ කියල ගෙදර ගෙනියන්න.

Thursday, March 4, 2010

ආදරනීය හැගුම්.....

මචන්,
කාල සටහන අලුතින්ම ලියන්න හිතුන මේ අලුත් අලුත් අත්දැකීම් එක්ක.ලයිෆ් එක වෙනමම පැත්තකත ඇදෙනාවා.කවදාවත් හිතුවෙ නැති දිහාවකට.මම මේ පිස්සුවක් කියවනව නෙමේ.මම කියන එක ඉවර වෙනකන් අහපන්.ඉට වඩා දෙයක් උඹත කරන්න බෑ.උඹ ඇරෙන්න වෙන කෙනෙක් මට නෑ.උදව් කරපන් මට.
උඹ දන්නව මම කියන්න යන එක.ඒකිට මම අදරෙ කරන බව දන්නව උඹ.ඒත් මේ වෙන ඒවා එක්ක මට දැනෙන බය උඹටත් දැනෙනව නම් ඔය ඇස් දෙක තෙත් වෙනවා ෂුවර්.ඉන්නද මැරෙන්නද කියල හිතාගන්න බැරි තැනක මචන් මම ඉන්නෙ.ලොකූ බයක් තියෙනවා අතීතය ආය ආය වෙනව කියල තේරුන දවසෙ ඉදන්.සිද්දි කිසිවක් සසම්භාව්ය නෑ.හැම එකටම රටාවක් තියෙනව.ලොකූ වෙලවක් ඕනි දෙයක් කල්පනා කරන්න.

Wednesday, January 13, 2010

කලු සහ සුදු....................

ආලෝකයට පැවැත්මක් තියෙන්නෙ කලුවර තියෙනකන් විතරයි කියල දැනන් හිටියට කලුවර ජීවිතයේ අලොකය කියල තේරුනේ ගොඩාක්ම පමාවෙලා.එහෙම කියන්නෙ හිතින් මවාගත්ත කාර්යබහුලත්වය නිසා ඉර පායන කොට මුනට අදුර වැටෙන්නෙ හිතේ කොනක හැන්ගිලා ඉන්න බය නමැති අන්දකාරය එබිකම් කරලා බලන නිසාම නෙමෙයි.කාර්යබහුලත්වය නම්වූ මිථ්යාව තුල සිත්සේ සැගවුනු මානසික ආතතිය වෙන්න බැරිද.........?
බෑ........කවදාවත් වෙන්න බෑ..පඌරුෂයක් තියෙන මිනිහෙක් කියන කතාවක්ද ඕක....?පාන්දර නැගිටින මිනිහා දවසට මූන දෙන්නෙ අලුත්ම ආලෝකයක් එක්ක.ඌ හැමදාම දවස පටන්ගන්නෙ පහුවෙනිදා නවත්තපු තැන ඉදලා...උඹ හැමදාම පටන් ගන්න හදන්නෙ "අ" යන්නෙන්.ඕක කවදාද බන් ඉවරයක් කරන්නේ.............?
ආලෝකය කියන්නෙ මිත්‍යාවක් නෙමේ කියලා තෝ කොහොමද හරියටම කියන්නේ.....? මට උනත් එකිගෙ මූන පේන්න ගන්නෙ ගොඩාක් රෑ උනාම විතරයි. ඒ මූන මට මුලින්ම පෙනුනේ සුරන්ගනාවක් වගේ..ටික දවසක් යනකොට ඉරබටු තරුව වගේ.දැන් නම් ඒක වල්ගා තරුවක් වගේ.හැමදාම දකික කුකුලගෙ කරමලෙත් සුදු පාටලු.ආලෝකය උනත් අදුර කරා යනවා.ඒකත් යථාර්ථයක් කියල උඹ තාමත් කියනවද..?

ඔව්....උඹට බෑ, ඇත්තට ඇත්තටම මූන දෙන්න...ඒකයි තාමත් ඇඹරෙන්නෙ..උඹ හිතන තරම් ආදරය ලස්සන උනාට අනික්වා ලස්සන නෑ..ඒවා නිකන් තාවකලිකයි.මට නම් සැකයි උඹ ඒකිට ඇත්තතම ආදරේ කලාද කියලා.උඹ ආදරේ කලේ ඒකිගෙ හුරතල් කතාවටයි අහින්සක කමටයි විතරයි.පොඩ්ඩක් හිතපන්,ඒකි කොච්චර ලස්සන කෙල්ලෙක්ද?තෝ කවදාවත් එකිට ලස්සනයි කියල මූනට තියෙනවද.........?තෝ දන්නෙ නෑ දැනෙන්න ආදරේ කරන්න.ඒකි තාමත් දන්නෙ නෑ උඹ ඒකිට ආදර් බව...ආලෝකයට රවන එකේ වැරැද්ද දැන්වත් පිලිගන්නවද.............?

උඹ හොදින්ම දන්නව මම මේ නන්නත්තාර වෙලා ඉන්නෙ එකි නිසා කියලා.ඉතින් උඹ කොහොමද කියන්නෙ මම එකිට ඇත්තටම ආදරේ නෑ කියලා.ඉස්ටියරින් වීල් එක වෙලා හිටිය උඹ ඉස්පෙයාර් වීල් එක වෙලා තියෙන්නෙ,ඔක්කොම මේක නිසා.අන්දකාරෙ ඉන්නකොට පේන ලස්සන ලස්සන පාට එකක්වත් උඹට උදේට පේනවද? නෑ...යථාර්ථය තිත්ත නිසා හැමදාම ලස්සන කලුවරේ පේන හීන විතරයි........හැමදාම ජීවිතයත බලාපොරොත්තුවක් දෙන්නෙ හීන විතරයි.................................